-
බ්‍රිතාන්‍ය මහා මැතිවරණය කෝබින් සහ වම
ජෙරමි කෝබින් නායකත්වය යටතේ ලේබර් පක්ෂය සිය මැතිවරණ ප‍්‍රකාශය තුළ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හැඩයේ යෝජනා රාශියක් ඉදිරිපත් කරයි. අධ්‍යාපනය සදහා වෙන්කරන ප‍්‍රතිපාදන ඉහළ දැමීම, දුම්රිය සේවය, තැපැල් සේවය, බලශක්ති ක්ෂේත‍්‍රය ආදිය නැවතත් ජනසතු කිරීමේ යෝජනා ඉදිරිපත් වී ඇත. තවද කම්කරුවන් පෙළන ක‍්‍රමයක් වන පැය බින්දුවේ කොන්ත‍්‍රාත් ක‍්‍රමය ,එනම් සේවා යෝජකයන් විසින් වැඩ කළ යුතු පැය ගණන නිශ්චිත නොකරමින් ලබා දෙන කොන්ත‍්‍රාත් ක‍්‍රම අහෝසි කිරීමේ යෝජනාද මෙයට ඇතුළත්ය. මෙහිදී සැලකිල්ලට ගැනෙන වැඩපිළිවෙල පූර්ණ වශයෙන් සමාජවාදී නොවීම හා ඒවා යථාර්ථයක් කරගැනීම ධනේශ්වර ක‍්‍රමය තුළ ඇති නොහැකියාව එසේ තිබියදීම නව ලිබරල් ආර්ථික උගුලේ සිටින බ්‍රිතාන්‍ය පීඩිත පාන්තික මහජනයාට මේ යෝජනාවලට තිබෙන ආකර්ෂණය ඔස්සේ වාම සාකච්චාව පු`එල් කිරීමේ අවකාශය උදා කර දී ඇත.
-
ඉල්ලන්නේ තවත් සිසු ජීවිතයක්ද?
සබරගමුව සරසවියේ සිසු නායකයන්ට අගොස්තු 08 දින එල්ල කළ මැර ප‍්‍රහාරය තරයේ හෙළාදකිමින් එම සරසවියේ සිසුන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
-
අත්අඩංගුවට ගත් සිසු නායකයින් වහා නිදහස් කරනු!
නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහත් දිනා ගැනීමේ සටනේදී සිරගත කළ අවිශිබම කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා සහ අවිභිබම කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් දිවයින පුරා විශ්වවිද්‍යාලවල සිසුන් වීදි බසිති
Friday, November 24, 2023
නිදහස් පලස්තීනය පිළිගනු! ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේදී 05ක් අත්අඩංගුවට...
Monday, November 13, 2023
ඔබ මියගොස් නැත! කළුතරදී පැවැත්වූ පෙ.ස.ප. ඉල්මහ විරු සමරුව.
Tuesday, November 7, 2023
බළලුන් ලවා කොස් ඇට බාවන ඇමරිකානු උපක්‍රමය
බළලුන් ලවා කොස් ඇට බාවන ඇමරිකානු උපක්‍රමය
ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය නැවත වටයකින් ආරම්භ වී ඇත . මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් ගාසා තීරය ආශ්‍රිතව පවතින්නේ වෙඩි හඬවල් සහා මිනිසුන්ගේ වේදනාවේ විලාපය පමණී. ලෝක බල දේශපාලනයේ උවමනාවන් සතෘප්ත කිරීමට දහස් ගණනින් දරුවන් මරා දමන ඊශ්‍රායල් පලස්තීන් යුධ උමතුව පරාජය කිරීමට නම් එහි මූලයන් පිළිබඳව දැනුම්වත්ව සිටිය යුතුය. මෙම ප්‍රශ්නය ආගමික හෝ දේශපාලනික කෝවකට දමා සමාලෝචනය කළ හැකි වියුක්ත ප්‍රශ්නයක් නොවේ. එය සමස්ථ ලෝක දේශපාලනය සමග සංයුක්තව ගැටගැසී ඇත.
පුරාවෘත්තයන් අනුව අරාබි ජාතිකයන් සහා යුදෙව් ජාතිකයන් යනු එකම මූලයකින් පැවතෙන පරම්පරාවන් දෙකකි. යුදෙව් , ක්‍රිස්තියානි සහා ඉස්ලාම් යන ආගම් තුනේම අදහන්නේ එකම දෙවි කෙනෙක් වනාතර එවායේ ඉතිහාසයද එකිනෙකට ගැටගැසී ඇත. යුදෙව් පුරාවෘත්තයන්ට අනුව යුදෙව් ජාතිකයින් යනු දෙවියන් වහන්සේ විසින් තම පරම්පරාව පවත්වාගෙන යාම සඳහා තෝරාගත් ජාතියයි. ආබ්‍රහම් නම් නම් දිවැසිවරයා යටතේ යුදෙව්වන්ට පොරොන්දු දේශයක් ලබා දුන් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. අදින් වසර 3834කට පමණ පෙර ආරම්භ වූ මෙම දේශය හැදින්වූයේ කානාන් දේශය නමිනි. වරින් වර සතුරු ආක්‍රමණ හමුවේ පරාජය වෙමින් සහා ජයග්‍රහණය කරමින් යුදෙව්වන් මෙම දේශය ගොඩනැගූ බවට ඉතිහාසය සාක්ෂි සපයයි.
ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කළ අතර යුදෙව්වන් ලක්ෂ ගණනින් වහලුන් ලෙස ඊජිප්තුවට රැගෙන යන ලදී. පසුව මෝසෙස් යටතේ නැවතත් සංවිධානය වූ යුදෙව්වන් නිදහස ලබා නැවතත් සිය පොරොන්දු දේශය වෙත පැමිණෙන ලදී. ඉන්පසුව බැබිලෝනියානුවන් විසිනුත් පසුව රෝම අධිරාජ්‍ය මගිනුත් කානාන් දේශය යටත් කරගන්නා ලදී. එහිදී රෝම පාලන සමයේදී යුදෙව්වන්ගේ දේශය සිරියාද පලස්තීනා යැයි වෙනස් කර ඇත. ක්‍රි.ව. 636 දී මුස්ලිම් ජාතිකයන් විසින් ජෙරුසෙලම ආක්‍රමණය කළ අතර එයින් පසුව පළමු ලෝක යුද්ධය දක්වාම මෙම භූමියේ පාලන බලය ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය සතු විය. මුස්ලිම් අධිරාජ්‍යක් වූ ඔටෝමන් පාලනය යටතේ බොහෝ යුදෙව්වන් මෙම භූමියෙන් පිටමං කළ අතර ඉතිරි වූවන්ගෙන් බහුතරයකට ඉස්ලාම් ආගම වැලඳ ගැනීමට බලකරන ලදී. කෙසේ වෙතත් එයින් පසු වසර දහස් ගණනක් තිස්සේ මෙම භූමියේ යුදෙව් ඉස්ලාම් සහා ක්‍රිස්තියානි ජන කොටස් මිශ්‍රව ජීවත්ව ඇත.
මුස්ලිම් ආක්‍රමණයත් සමග ලෝකය පුරා විසිර ගිය යුදෙව්වන්ට ස්ථිර දේශයක් දිනාගැනීම සඳහා දියත්කළ මතවාදීමය මෙහෙයුම සියෝන්වාදයයි. ප්‍රංශ හමුදාවේ සේවය කළ ඩිරෙප්ස් නම් යුදෙව් සොල්දාදුවාට එරෙහිව පාවාදීමේ ඡෝදනාව මත එල්ල වූ ණඩු විභාගය නැරඹීමට ගිය තියෝඩර් හර්ෂල් විසින් ක්‍රි.ව. 1897 දී සියෝන්වාදී යුදෙව් සංගමය පිහිටුවන ලදී. එහි ආරම්භක සාමාජික සංඛ්‍යාව 197කි. සියෝන් යනු ඊශ්‍රායලයේ පිහිටි කන්දක් වන අතර එහි අර්ථය " නැවත තම මුල් බිම් වෙත " ( Land of Israel ) යන්නයි. පළමු ලෝක යුද්ධයත් සමග ජර්මනියට සහා ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුනු එංගලන්තය ප්‍රමුඛ පාර්ශ්වයට යුදෙව්වන්ගේ සහය හිමි විය. ඒ සිය පොරොන්දු දේශය නැවත ලබාදිය යුතුය යන ගිවිසුම පිටය. Balfour Declaration නමින් ප්‍රසිද්ධ වූ මෙම ගිවිසුම සඳහා මූලිකත්වය ගනු ලබන්නේ එවකට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ආතර් බැල්ෆෝර් විසිනි. පළමු ලෝක යුද්ධයෙන් ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය පරාජය වන අතර ඊශ්‍රායල් පලස්තීන් භූමිය බ්‍රිතාන්‍ය පාලනය යටතට පත් විය. එහෙත් යුදෙව්වන්ට පොරොන්දු වූ රාජ්‍ය ලබාදීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කලේ නැත. නමුත් අධික මුස්ලිම් ජන ගහනයක් පවතින මෙම ප්‍රදේශයට ක්‍රමයෙන් ලෝකයේ විවිධ රටවල විසිරී සිටි යුදෙව් ජාතිකයන් පැමිණෙන්නට විය.
යුදෙව්වන් මිලියන හයකට වඩා සමූල ඝාතනය කළ හිට්ලර්ගේ ජර්මනිය ඇතුළු අක්ෂි පාර්ශ්වයට එරෙහිව ඇරඹි දෙවන ලෝක යුද්ධයේදී යුදෙව්වන් නැවතත් බ්‍රිතාන්‍යය සහා ඇමරිකාව නියෝජනය කළ මිත්‍ර පාර්ශ්වයට සහයෝගය දෙන ලදී. මෙම සංග්‍රාමයෙන් පසු වර්ෂ 1948 දී බ්‍රිතානයන් ඊශ්‍රායල් භූමියෙන් ඉවත් වූ අතර යුදෙව් ජාතිකයන් ඊශ්‍රායලය නමින් ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත්කලේය.
මුලදී ඉතා සීමිත භූමියකට සීමා වූ ඊශ්‍රායලය පසුකාලීනව පලස්තීන භූමිය ආක්‍රමණය කරමින් ව්‍යාප්ත වූ අතර වර්ථමානය වන විට පලස්තීනය ගාසා තීරයට සහා බටහිර ඉවුරට පමණක් සීම කර ඇත. මෙම ඊශ්‍රායලයෙ ආක්‍රමණය පිටුපස තිබෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදී උවමනාවන් ය. මුස්ලිම් රටවල්වලින් වට වූ මැදපෙරදිග ආශ්‍රිතව යුදෙව් රටක් නිර්මාණය කිරීමේ මූලික සැලසුම වන්නේම මැදපෙරදිග බලය තමන්ට උවමනා ලෙස පවත්වාගෙන යාමේ රූකඩ රාජ්‍යයක අවශ්‍යතාවයයි. මැදපෙරදිග තෙල් සම්පත සහා එහි භූ දේශපාලනික වටිනාකම ඇමරිකානු අධිරාජ්‍යවාදයට මගහැර යා නොහැකි තත්වයකී. එබැවින් වර්තමාන ගාසාතීරයේ ප්‍රශ්නයට මූලික වූ හමාස් අන්තවාදය මෙන්ම සියෝන් අන්තවාදය පිටුපසද ආරම්භක සාධකය වශයෙන් ඇමරිකාව සිටින බව පැහැදිලි වේ. ඊශ්‍රායලය හරහා ඇමරිකාව මේ සිදුකරන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන ක්‍රියාවලියකි.
අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රාග්ධන උවමනාවන් සංතෘප්ත කරන ඊශ්‍රායල් පලස්තීන් යුද්ධයෙන් බැට කන්නේ දෙරටේම අහිංසක දුප්පත් ජනතාවය. ඊශ්‍රායලය බිහි වූ දා පටන් පලස්තීනය මත පැටවූ බලහත්කාරයේ පීඩනය මෙසේ පුපුරා යාම ආකාශ්මික සිද්ධියක් නොවේ. ගාසාතීරයේ ගුවන් සහා නාවුක බලය තමන් සතු කරගනිමින් ඊශ්‍රායලය ගාසාතීරය ලොව විශාලතම එළිමහන් සිරකඳවුර බවට පත්කළ බව නොරහසකි . මේ පුපුරා යන්නේ පලස්තීනුවන්ගේ එයට එරෙහි පීඩනයයි. එහෙත් එකී පීඩනය ඉල්ලක්ක වන්නේ අධිරාජ්‍යවාදයට සහා ප්‍රාග්ධන වියරුවට එරෙහිව නොවීම කණගාටුවට කරණකි.
අන්තවාදය පෝෂණය කරමින් සිය අධිරාජ්‍යවාදී දේශපාලන ඉලක්ක සපුරාලීමට යුද්ධය පෝෂණය කරණ ප්‍රාග්ධන ක්‍රියාවලියට එරෙහිව වැඩකරන ජනතා බලයක් ජාත්‍යන්තර මට්ටමින් ස්ථාපිත කළ යුතුය. ඊශ්‍රායලයේත් පලස්තීනයේත් පීඩිත ජනතාවගේ නිදහස ස්වාධීනත්වය ආරක්ෂා වන්නේ එවැනි සන්ධානයක් මගින් පමණි.
Monday, November 6, 2023
අහස් මාළිගය කඩන් වැටුණ ද?
අහස් මාළිගාව කඩා වැටුණා ද ?
2022 / 2023 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මාසේ නිකුත් වුනා. මෙවර විභාගයට පෙනී සිටි සමස්ථ අපේක්ෂකයින් සංඛ්‍යාව 331711ක්. ඒ අතරින් 166938 දෙනෙක් සරසවි අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවා. එහෙත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ සමස්ථ ප්‍රමාණයටම උසස් අධ්‍යාපන පහසුකම් දෙන්න රාජ්‍ය සරසවි පද්ධතිය සමත්ද ? කියන කාරණය. මෙවර රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා තෝරාගත් සමස්ථ සිසුන් ප්‍රමාණය 44000යි.
ඉතින් උසස් පෙළ සමත් වෙලත් උපාධි සිහිනය අහිමි වෙච්ච අපි ඉස්සරහට මොනවද කරන්නෙ ? නැත්තං උසස්පෙළ නියමිත ලකුණු ප්‍රමාණය ගන්න බැරුව අසමත් වෙච්ච අපි ඉස්සරහට මොනවද කරන්නෙ ? කියන ප්‍රශ්නයට උත්තර නැතුව දහස්ගාණක් මේ වෙද්දිත් නන්නත්තාර වෙලා. එහෙම අසරණ වෙච්ච සිසුන් බිලී බාගන්න කළුකඩ මුදලාලිලා එහෙන් මාන බලනවා.
ග්ලැඩියේටර් ප්‍රේමය වේදිකා නාට්‍යයේදී නාමල් ජයසිංහ කියනවා " දරුවෙක්ට පරිස්සමෙන් පය තියලා ඇවිදින් යන්න පුලුවන් පොළොවක් නෙමෙයි දැන් තියෙන්නෙ " කියලා. හෙට ඉපදෙන්න ඉන්න පොඩි එකා පවා ලක්ෂ ගානක් ලෝකෙට ණයයි.
සංඛ්‍යා ලේඛන අනුව 2019 අවුරුද්දේ ලක්ෂ 30ක් වෙච්ච දිළිඳු ජනගහනය 2023 වෙද්දි ලක්ෂ 70 ඉක්මවා ගිහිල්ලා. 2018 අවුරුද්දේ 34% වෙච්ච වතුකරයේ දරිද්‍රතා මට්ටම 2023 වෙද්දි 51%යි . වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 43%කට මන්දපෝෂණය. අධ්‍යාපන අයිතිය දිනෙන් දිනම කප්පාදු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගොඩයි . රෝහල්වල බෙහෙත් නෑ. තියෙන බෙහෙත් බොන්න බයයි. ඒවා බිව්වම ලෙඩ්ඩ උන්හිටි තැන මැරිලා වැටෙනවා. මෙහෙම සමාජයක තමයි අපි ජීවත් වෙන්නෙ.
දැන් ගොඩක් අය හිතනවා රට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳගන්න . හිතලා බලන්න රට ගිහිල්ලා ඩොලර් හොයාගෙන තව අවුරුදු පහ හයකින් ඉන්න වෙන්නෙත් මේ රටේම තමයි . ඒ වෙද්දි මේ අපාය දිව්‍ය ලෝකයක් වෙලා තියෙන්නෙ නෑනෙ . ඉතින් එතකොට ආයෙ රට යනවද ? ඔබට ජීවත් වෙන්න තියෙන අයිතිය ඉගෙනගන්න තියෙන අයිතිය කොල්ලකාපු මේ නරුම සමාජ ක්‍රමය තවදුරටත් නඩත්තු කරනවද ? නැත්තං එකතුවෙලා මේ සමාජය වෙනස් කරනවද කියලා හිතල බලන්න සුදුසම කාලය තමයි දැන් උදාවෙලා තියෙන්නෙ .
"අපි ආස කරන සමාජය අහසින් පාත් වෙන්නෙ නෑ උත්තරා දේවි. අපි ඒකට උත්සාහ කරන්න ඕනේ. අපිමයි ඒක හදාගන්න ඕනේ."
( සහෝදරයා - නාමල් ජයසිංහ )
රනිල් - විජයදාස වාර්තාවට අත උස්සන්න කලින් Vaathi බලන්න.
රනිල් - විජයදාස වාර්තාවට අත උස්සන්න පෙර VAATHI බලන්න.
" ඉගෙනීම විකුණන්න එපා. ප්‍රසාදම් වගේ හිතේ ලෝභකමක් නැතුව දෙන්න ඕන" (VAATHI )
පීඩිත පන්තියේ විඥානය සමාජගත කිරීමෙහිලා සිනමාව සිදුකරන ලද කාර්‍යභාරය ඉමහත් ය. එහිලා දකුණු ඉන්දීය සිනමාව පොදුජන අභිලාෂයන් කෙරෙහි වඩ වඩාත් සංවේදී වන බවක් දක්නට ඇත.
Venky Atluri විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමාපටය වන VAATHI එකී දකුණු ඉන්දීය සිනමාවේ ජනතාවාදී භාවයට නිදර්ශන සපයයි. සමාජ සංවර්ධනයෙහිලා වඩාත් සංවේදී බලපෑම් කරනු ලබන අධ්‍යාපන ප්‍රශ්නය චිත්‍රපටයට පාදක වී ඇත. ඉන්දියාවේ අති බහුතර ජනතාව අන්ත දුප්පතුන් ය. එදා වේල උපයාගැනීම පවා අවිනිශ්චිත ජීවිතයක් ගත කරන ජනතාවකගේ අධ්‍යාපන සෞඛ්‍යය තත්වය ඊටත් වඩා අවිනිශ්චිත වීම අරුමයක් නොවේ.
VAATHI පසුබිම් කරන්නේ එවැනි සමාජයකී. අධ්‍යාපනය මුදල් උපයන ජාවාරමක් බවට පත්කරගත් කුප්‍රකට ව්‍යාපාරික පැලැන්තියක් විසින් මෙහෙයවන ජනතාවකගේ ඉරණම කවරාකාර වේවිද ? මෙකී පෞද්ගලිකරණ ජාවාරම නිසාවෙන් රාජ්‍ය අධ්‍යාපනයට කනකොකා හඬන අතරම අධ්‍යාපනය ධනවතුන්ගේ වරප්‍රසාදයක් බවට පත් වේ. එහෙයින් සමාජයේ අති බහුතරයකගේ අධ්‍යාපන අයිතිය අහිමි වන බව වාති පෙන්වා දෙයි.
" පහළ මධ්‍යම පන්තියේ දෙමව්පියෝ එයාලගෙ දරුවන්ගේ ආසාව ඉෂ්ට කරන්න එයාලගේ ආසාවන් මකලා දානවා. දරුවෝ එකවේලක් බඩගින්නේ නොතියන්න මෙයාලා බඩගින්නේ ඉන්නවා සර්. ( VAATHI )
චිත්‍රපටයක් යනු ප්‍රබන්ධයකී. එනමුත් ප්‍රබන්ධය අධ්‍යක්ෂකවරයාගේ පරිකල්පනය තුළ ගොඩනැගුනු මනඃකල්පිතයක් නොවේ. පොදු සමාජ යථාර්ථයම චිත්‍රපටය තුළින් ප්‍රතිනිර්මාණය කිරීම ජනතාවාදී සිනමාවේ ලක්ෂණයයි. පහල පන්තියේ ජනතාවගේ ප්‍රශ්නය කෙරෙහි සංවේදී වන තරමටම ප්‍රේක්ෂකාගාරය අවධානය දිනාගැනීමට හැකියාව ලැබේ.
ධනේශ්වර ජාතිය නිර්මාණය වීමේදී නොවිසඳුණු ජාතික ගැටලුව ද ඉන්දීය සමාජයේ බරපතළ ප්‍රශ්නයක් වශයෙන් පවතී. පාලකයන්ගේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් නඩත්තු කරන ජාතිවාදී කුලවාදී බෙදීම ඇතැම් අවස්තාවක සමාජ ඝට්ටනයක් දක්වා තීව්‍ර වේ.
" සර් එයාලා ලගින් අපි වාඩිවෙන්නේ නෑ.
ඒ මොකෝ ?
එයාලා වෙන අය සර්.
වෙන අය කිව්වේ ?
වෙන කිව්වේ වෙන අය සර්..." (VAATHI )
මීට පෙර නිර්මාණය වූ HICHKI සහා SUPER 30 චිත්‍රපටයන්ගේ හෙවනැල්ල VAATHI නිර්මාණය කිරීමේ දී වැදගත් වන්නට ඇත. මෙම චිත්‍රපට තුනේම ආඛ්‍යානයේ යම් සමානතා පෙන්නුම් කරන්නේ එබැවිනි. අධි යථාර්ථවාදය කරපින්නාගත් හරසුන් නිර්මාණයක් වෙනුවට VAATHI එක එල්ලේම පීඩිත ජනතාව මත නිදන්ගත වෙමින් නිර්මාණ කාර්‍යයේ යෙදෙන්නේ සිනමාවේ සැබෑ අභිලාෂයන් මුදුන් පමුණුවමිනි.
මෑත යුගයේ ලංකාව තුළ පවා අධ්‍යාපන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා සමාජයේ නිර්මාණය විය. ඒ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට අදාළ නීති සම්මත කිරීමේ අරමුණින් සභාගත කළ රනිල් විජේදාස වාර්තාවත් සමගිනි. පෞද්ගලික පාසල් මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලද නීතිගත කිරීමට අදාල ප්‍රතිපාදන මෙම වාර්තාව මගින් සම්පාදනය කර ඇති අතර රාජ්‍ය පාසල් දහස් ගණනක් වසා දැමීමේ උපායමාර්ගික වැඩපිළිවෙළ අනුව පොකුරු පාසල් ක්‍රමයක් යෝජනා කර ඇත. සියල්ල ලාභ සඳහා විකුණන නවලිබරල් වෙළෙඳපොළට ලංකාවේ අධ්‍යාපනය විවෘත කිරීම යනු මරණයට අත වැනීමක් බව අවබෝධ කරගැනීමට VAATHI නරඹන ලෙස අපි ඔබට ආරාධනා කරමු. අධ්‍යාපනය වෙළඳභාණ්ඩකරණය කළ සමාජයක ඉරණම එමගින් ඔබට අවබෝධ වනු ඇත.
රතුමල් පිපෙන ඉල්මහේ - සොයුර යළි ඔබ හඬ ඇහේ...
රතුමල් පිපෙන ඉල්මහේ - සොයුර යළි ඔබ හඬ ඇහේ..
Saturday, November 4, 2023
අධ්‍යාපන පෞද්ගලිකකරණයේ මිථ්‍යාව
පිටකවරේ - pitakaware
පොතට කලින් පිටකවරේ බලලා ජජ් කරන්න එපා!
Thursday, July 6, 2023
කැලුම් - දිල්ශාන් සිරගත කර මාස 06 ක් ඉක්මවයි!
කැලුම් - දිල්ශාන් සිරගත කර මාස 06 ක් ඉක්මවයි!
කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක, කණ්ඩායම් නායක දිල්ශාන් හර්ෂණ සිරගක කර මාස 06 ට අධික කාලයක් ගෙවී ගොස් තිබේ. සිසුන් පවසන්නේ ත්‍රස්ත පනත යටතේ වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිධම්ම හිමියන් සිරගත කර සිටියදී අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන් කැලණිය විශ්වවිද්‍යාලයට ආ ගිය දින, භාවිතා කළ යතුරු පැදි ආදිය පිළිබඳව ආරක්ෂක අංශවලට ඔත්තු දුන් පිරිසක් හසුවීමත් සමඟ ඔවුන් සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම ශිෂ්‍ය නායකයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. නවකවද පනත යටතේ චෝදනා ගොනු කොට තිබීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය ඇප ප්‍රතික්ෂේප කළ අතර මෙම සිසුන් අරගලයට සම්බන්ධ වූවන් යැයි කියමින් නීතිපතිවරයා එල්ල කළ දැඩි විරෝධය හේතුවෙන් ගම්පහ මහාධිකරණය විසින්ද ඇප ප්‍රතික්ෂේප කර තිබේ. දැන් නඩුව පවතින්නේ අභියාචනාධිකරණයේ වන අතර නීතීඥ නුවන් බෝපගේ, සාලිය පීරිස් ඇතුළු පිරිසක් නඩුව මෙහෙයවනු ලබයි. මෙහි විශේෂම කාරණය වන්නේ අදාළ සිදුවීම කිසිසේම නවකවද සිදුවීමක් නොවන බවත් සිසුන් දෙපිරිසක් අතර සංවිධානාත්මකව ඇති කළ ගැටුමක් බවත් පවසමින් මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කර තිබීමයි. මෙම සිසු නායකයින් දෙදෙනාට ඇප නියම නොකර ඉතා දීර්ඝ කාලයක් සිරගත කරගෙන සිටින්නේ විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ අදාළ නිර්දේශය තිබියදීය. කැලුම් - දිල්ශාන් නිදහස් කරන ලෙස බල කරමින් වරින් වර පැවැත්වූ උද්ඝෝෂණවලදී කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 35 දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ට එරෙහිව මහර උසාවියේ නඩු ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතියි. මැයි මස 18 දින කැලුම් - දිල්ශාන් නිදහස් කරන ලෙස බල කරමින් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරමින් වසන්ත මුදලිගේ ඇතුළු සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන කිරිබත්ගොඩ පොලීසියේ රඳවාගෙන සිටියදී පෑලියගොඩ පොලිස් ප්‍රධානියෙකු වන මහින්ද විලෝලාරච්චි එම සිසුන් අමතා කළ ප්‍රකාශයකින් මෙම සටහන අවසන් කරමු.
"සාමාන්‍යයෙන් මිනියක් මරපු එකෙක්ටත් දවස් 90 කට පස්සෙ ඇප දෙනවා. මෙච්චර දවසක් මුන් දෙන්නට ඇප දෙන්නැත්තෙ ඇයි කියල උඹල හිතල තේරුම්ගනිල්ලා"
Sunday, February 13, 2022
ආණ්ඩුව මහපොළ අරමුදලත් මංකොල්ල කන්න හදන්නේ
කම්කරුවෝ, ශිෂ්‍යයෝ, ගොවියෝ පීඩාවට පත්කරන අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ 09 වනදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අධිභාර බදු පනත හරහා අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් මංකොල්ල කෑම, ඉඩම් සංවර්ධන සංශෝධන පනත හරහා ගොවි ඉඩම් මංකොල්ලයට පාර සැකසීම, මහපොල භාරකාර අරමුදල් සංශෝධන පනත හරහා එම අරමුදල දේශපාලන රූකඩයක් කිරීම සිදුවන බවයි.
පුබුදු ජයගොඩ පලකරන ලද අදහස්වල සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.
“2022 පෙබරවාරි 03වනදා දිනැතිව අධිබාර බදු පනත නමින් පසුගිය අයවැයේදී සඳහන් කළ විශාල සමාගම්වලින් බදු අයකරගැනීමට අදාළ මූලික නීතියත් එක්ක සම්බන්ධව මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. රුපියල් බිලියන 2ට වඩා ආදායම් උපයන සමාගම්වල ලාභයෙන් සියයට 25ක් බද්දක් ලෙස ජීවිතයේ ගෙවිය යුතු බද්දක් ලෙස අයකරනවා කියලා තමයි කිව්වේ. ඒත් මේ වනතුරු අදාළ සමාගම් මොනවාද කියන එක සඳහන් කරලා නැහැ. 2015සිට 2020 දක්වා අතර ගෙවුණු අවුරුදු 06 ඇතුලේ පමණක් රු කෝටි 50000ක වටිනාකමකින් යුතු බදු මුදලක් සමාගම් විසින් ගෙවීම් පැහැර හැරලා තියෙනවා. ඒ එකක් වත් අයකරන්නේ නැතුව තව බද්දක් ගහලා මේ සමාගම්වලින් බදු අයකරගැනීමේ ඉඩ අඩුයි කියලා තමයි අපට හිතෙන්නේ. මේ පනත් කෙටුම්පතේ දෙවන වගන්තියේ තියෙනවා 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධි විධාන ප්‍රකාරව ගණනය කිරීම් කරනු ලබනවා කියලා. මෙහි සඳහන් කරන දේශීය ආදායම් පනත ගත්තහම සමාගම් කියන අර්ථ කතනයට සේවක අර්ථ සාධක අරමුදල, සේවක බාරකාර අරමුදල, විශ්‍රාමික පාරිතෝෂික අරමුදල සහ අනෙකුත් සියලු විශ්‍රාම අරමුදල් ඇතුලත් කර තියෙනවා.ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වලින් මේ සියයට 25 බද්ද අයකරන්න යනවා. කලින් යහපාලන ආණ්ඩුව මේ අරමුදල් සිදුකරන ආයෝජන මත ලැබෙන පොලී මුදලට අයකරන බද්ද 10% සිට 14% දක්වා වැඩිකර තියෙනවා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ල 25%ක අධිබාර බද්දක් පනවන්න යනවා සේවක අර්ථසාධක අරමුදල මත. බැසිල් රාජපක්ෂගේ අදහසක් අනුව මැතිවරණ අල්ලස් ලබාදීමට ක්‍රියාත්මක වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියට සල්ලි හොයාගන්න හදන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවෝ ඉතුරු කරපු මුදලින්. ධන කුවේරයෝ මත පනවනවා කිව්ව අධිබාර බද්ද අන්තිමට පනවලා තියෙන්නෙ පෞද්ගලික අංශයේ කම්කරුවා මත.
ඒ වගේම දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත කියලා පනත් කෙටුම්පතාක්. මේ කෙටුම්පතට ඉඩම්වලට අදාළ හොඳ කරුණු ගණනාවක් දාලා ඒක අස්සට ලංකාවේ ගොවියාගේ ඉඩම් අහිමි කිරීමේ ප්‍රධාන සැලැස්ම මේක අස්සට ඔබ්බලා තියෙනවා. තමන්ටම කියලා සින්නකර ඉඩම් තියෙන ගොවීන් ඉතාම අඩුයි. ගොඩක් ගොවීන් රජයේ ඉඩම්වල වගා කරන්නෙ. සමහර ගොවීන්ට මේ ඉඩම් ජය භූමි, ස්වර්ණ භූමි නමින් ඔප්පු සහ බලපත් ලබාදී තියෙනවා. ඒ ඉඩම් ගොවීන් පරිහරණය කරාට විකුණන්න බැහැ. ඉඩම් ආඥා පනතේ ඒ බව නිශ්චිතව සඳහන් කර තියෙනවා. දැන් මේ ඉඩම් සංවර්ධන සංශෝධන පනතේ 4වැනි වගන්තියේ හැටියට කියනවා ඉඩම් අන්සතු කළ නොහැකියි කියන වගන්තිය වෙනස් කරලා අවශ්‍ය නම් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට ඉඩම උගස් කිරීමේ හැකියාව ලැබෙනවා කියලා. ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් වෙළඳ භාණ්ඩ බවට පත්කර ඒවා වෙළඳපොළට මුදා හැරලා ඒවා විකුණන්න සලස්වලා ගොවියාට ඉඩම අහිමිකරලා ඒ ඉඩම ඒකාධිකාර සමාගම් සතුකරගන්න සැලසුම් ප්‍රමාණයක් පහුගිය කාලෙ පුරා අවා. ආසන්න උදාහරණ MCC ගිවිසුම ,ඉඩම් බැංකු පනත සහ ඉඩම් විශේෂ විධි විධාන පනත සඳහන් කරන්න පුළුවන්. මේවට විරුද්ධ වෙච්ච පොදුජන පෙරමුණේ කට්ටිය බලයට ආපු ගමන් ඉඩම් සංවර්ධන පනත ගෙනත්.
ඒවගේම ඊයේ පාර්ලිමේන්තුවේදී මහපොළ ශිෂ්‍යත්ව බාර අරමුදල සංශෝධන පනත සම්මත කරා. ඒකෙ මූලික වෙනස්කම් කිහිපයක් කරා. එකෙ එක වෙනසක් තමයි නමට ලලිත් ඇතුළත්මුදලි කියන නම ඇතුළත් කරා. දැනට මේකෙ රු බිලියන 12ක් වත්කමක් තියෙනවා. අර්ථසාධක අරමුදල මංකොල්ල කනවා වගේ මහපොළ අරමුදලත් මංකොල්ල කන්නද හදන්නේ කියන සැකය එනවා. මෙච්චරකල් මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා ලෙස හිටියේ අගවිනිසුරුවරයා. ඔහු නිල බලයෙන් පත්වුණේ. දැන් මේ නව පනත හරහා එය නවත්වලා. නව පනතේ හැටියට විශ්‍රාමික විනිසුරුවරයෙක් ජනාධිපතිවරයා විසින් තෝරා පත්කරනවා කියලා සඳහන් වෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කරන කෙනෙක් සභාපති වීමෙන් මේ අරමුදලේ ස්වාධීනත්වය නැතිවෙලා ඒකට දේශපාලන අතපෙවීම් සිදුවීමට නියමිතයි. ශිෂ්‍යාධාර වැඩිකරන්න කියලා ශිෂ්‍යයෝ කියද්දී ශිෂ්‍යාධාර වැඩි කරන්නෙ නැහැ. මහපොළ බාරකාර අරමුදලේ මුදල් යොදවලා පෞද්ගලික විශ්ව විද්‍යාල හදනවා. උදාහරණ මාලඹේ SLITT එක. දැන් ඒ අර්බුද මද මහපොළ අරමුදලත් මංකොල්ල කන්න හදන්නේ. “